300 බෝඩිම් ගාස්තු එපා


රුහුණු සරසවියේ නේවාසිකාගාර ගාස්තුවට එරෙහිව එහි මහා ශිෂ්‍ය සංගමය අද (20) වැල්ලවඩමේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

මුදල් අය කිරීම, පෞද්ගලීකරණයේ පියවරක් බව සිසුහු කියති.

වෛද්‍ය පීඨයෙන් මාසයකට රුපියල් 320ක් ද, සෙසු පීඨවලින් රුපියල් 200ක් දඅයකරතියි ශිෂ්‍ය සංගම් නියෝජිත සරත් ද සිල්වා කියයි.

නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඝාමිණී සේනානායක කියනුයේ අලුතින් සතයක්වත් ගාස්තු වැඩි නොකළ බවයි.

පළමු හා අවසන් වසර පහසුකම් වෙනුවෙන් සිසුවකුගෙන් රුපියල් 50ක් ද,   නේවාසිකාගාර සිසුවකුගෙන් රුපියල් 200ක්   අය කරන බවත්, අකැමැති නම් බාහිර ස්ථානයක නතර විය හැකි බවත් ඔහු  කියයි.