මෙම මස 15 වැනිදා ආරම්භ වන ආසියානු 3 x 3 පැසිපන්දු ශූරතාවලිය සදහා සහභාගි වීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක ක‍්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත පැසිපන්දු කණ්ඩායමක් අද (13 වැනිදා) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියේය. අන්තර්ජාතික පැසිපන්දු සම්මේලනයේ නිර්දේශය මත මෙම ශූරතාවලිය මැයි 15 වැනිදා සිට 17 වැනිදා දක්වා දෝහා ක්ටාර්හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
මෙම තරගාවලිය ස`දහා පිරිමි කණ්ඩායම් 16ක් සහභාගි වීමට නියමිත අතර පළමු වටයේදී එකකට හතරක් බැගින් කාණ්ඩ හතරක් යටතේ තරග පැවැත්වේ. සෑම කාණ්ඩයකම ඉදිරියෙන් සිටින කණ්ඩායම් දෙක අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබනු ඇත.
ශී‍්‍ර ලංකා 3 x 3 පිරිමි කණ්ඩායමට ප‍්‍රනීත් උඩුමලගල (නායක), තරිදු සංකල්ප (උප නායක), යොහාන් කේසර් සහ ක්ලින්ටන් ස්ටැලෝන් ඇතුළත් වන අතර ශී‍්‍ර ලංකා 3 x 3 කාන්තා කණ්ඩායමට ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නායිකා), කුමරීන් සිල්වා (උප නායිකා), බෙනිකා තලගල සහ අංජලී ඒකනායක ඇතුළත් වෙති.
ටී. එම්. අමත් (ප‍්‍රධාන පුහුණුකරු) සහ කි‍්‍රස්ටෝපර් කරුණාසිංහ (තරග විනිසුරු) යන මහත්වරුන්ද මෙම සංචාරයට එක්ව සිටින අතර ශී‍්‍ර ලංකා පැසිපන්දු කණ්ඩායමේ හිටපු උප නායකයකු වන යස්වන්ත් මුත්තෙට්ටුවේගම මහතා කළමණාකරු ලෙස කටයුතු කරයි.