
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතීන්ගේ 28 වන දේශගුණික විපර්යාස සමුළුව සඳහා (COP 28) සහභාගීවන ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නයන් මහතා (Mohammed bin Zayed Al Nahyan) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ආරාධනා කර තිබේ.
එම ආරාධනා පත්‍රය සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ජනාධිපතිවරයා විසින් යොමු කළ ලිපිය ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලිඩ් නසිර් අල්අමෙරි (Khaled Nasser AlAmeri) ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් බාර දුන්නේය.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) ලෝක නායකයන්, රාජ්‍ය නියෝජිතයන්, පරිසරවේදීන් සහ විද්වතුන්ගේ සහභාගීත්වයෙන් නොවැම්බර් මස 30වනදා සිට දෙසැම්බර් 12 දක්වා ඩුබායිහි එක්ස්පෝ නගරයේ දී පැවැත්වේ.

