26 වසරකට පසු යාපනයේ ධීවර වරායන් දෙකක් නිදහස්


වසර විසි හයක් පුරා අධි ආරක්ෂිත කලාපයක් වශයෙන් පැවති යාපනය අර්ධ ද්වීපයේ මයිලිට්ටි හා ඌරණි ධීවර වරායන් එහි මුල් පදිංචි කරුවන්ට යළි බාර කැරිණි.

එම උත්සවය සඳහා එක්වූ යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා කියා සිටියේ රජය මගින් ජනවාරි 8 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කාලය ජාතික සංහිඳියා සතිය වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබීම අර්ථවත් කරමින් මේ ධීවර වරායන් ජනතා අයිතියට පත් කළ බවයි. මෙම ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයෙන් නිදහස් කොට සාමාන්‍ය ජනතාවට මසුන් මැරීමේ කටයුතු සදහාත්, යළි පදිංචිවීම පිණිසත් ලබාදෙන බවට වූ නිල නිවේදනය යාපනය පළාත බාර ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක විසින් ජනතාවට ඉදිරිපත් කළේය.

01 04 06 10