කොස්ලන්දේ මීරියබැද්දේ පවුල් 58ක 330 දෙනකුගෙන් පාසල් ගිය රුවන් 75 දෙනකු ජීවතුන් අතර සිටින බව බදුල්ල දිසාපති රෝහණ දිසානායක මහතා කොස්ලන්ද දෙමළ මහා විද්‍යෘලයයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට දැනුම් දුන්නේය.
ඒ අනුව නාය ගිය පෙදෙසේ සිටි 255 දෙනකු ගැන තොරතුරක් නැත.
ජනපති නිලධරයින්ගෙන් ප්‍රශ්න කළේ නායයෑමේ අවදානමක් ඇති පෙදෙසක සිටි එම පවුල් සදහා විකල්ප ඉඩම් දුන්නේද යන්නයි.
දිසාපති රෝහණ දිසානායක මහතා:මීට කළින් ඉඩම් දුන්නා .පවුල් 30ක් ඉවත්ව ගියා.
ජනපති: අවදානම් සහිත ඉඩම්වල සිටින සියලු දෙනාම ආරක්ෂා සහිත ඉඩම් වලට යැවීමට පියවර ගන්න.ඒ සඳහා වතුවල සහායත් ලබා ගන්න.

