25,000 ක් දී රස්සාව බේරාගනී


පානදුර විදුහලක හත වසරේ සිසුවකුගේ කනට ගැසූ එම පාසලේ පුස්තකාල සහකාරවරියක සිසුවාට රුපියල් 25000 ක් ගෙවීමට එකඟ වීමෙන් පසු පානදුර මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා ඇය අවවාද කර මුදා හළේය.

මෙම සේවිකාව වරද බාරගතහොත් එය ඇගේ රැකියාවට බලපාන හෙයින් නඩුව සමතයකට පත් කරන්නැයි ඇගේ නීතිඥවරයෝ උසාවියෙන් අයැද සිටියහ.

නඩුව සමතයකට පත් කිරීමට පැමිණිල්ල එකඟ වීමත් සිසුවාට හානි පූරකයක් ගෙවීමට සැකකාරිය එකඟවීමත් සමග ඇය මුදා හරින බව කී මහේස්ත්‍රාත් රාජකාරී කටයුතුවලදී වගකීමෙන් ක්‍රියා කරන්නැයි ඇයට අවවාද කළේය.

තුවාල ලැබූයේ හත වසරේ සිසුවෙකි.

පුස්තකාලයේදී කතා නොකරන ලෙස  සිසුන් දෙදෙනකුට අවවාද කළත් එය නොපිළිගැනීම නිසා දඬුවම් කළ බවත් පැමිණිල්ලෙන් කියවේ.