(මනෝප‍්‍රිය ගුණසේකර)
බේකරි හිමියකුගෙන් රුපියල් 25,000ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු අනුරාධපුර කම්කරු කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඔහුට රුපියල් 40,000ක දඩයක්ද නියම කළේය.
බේකරියේ සේවකයින්ට අර්ථ සාථක අරමුදල් නොගෙවීම සම්බන්ධයෙන් නඩු නොපරවා සීටීම සඳහා මීට වසර අටකට ඉහතදී අල්ලස් ඉල්ලා ලබා ගත් බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට එම දඬුවම් නියම කළේය.
මෙලෙස දඬුවම් නියම වුයේ අනුරාධපුර කම්කරු කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කළ සරත් පේ‍්‍රමචන්ද්‍ර නමැත්තාටය.

