ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය (2013) වර්ෂාව හේතුවෙන් සතියකින් කල්දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව මෙවර තරගාවලියේ , වැනි කොටසේ තරග මේ මස 14 වැනිදා ආරම්භ වන අතර II වැනි කොටසේ තරග මේ මස 15 වැනිදා ආරම්භ වේ.
මෙවර තරගාවලිය මේ මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර අත්හිටුවූ පළමු සතියේ තරග ජූලි මස 26 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වේ.