ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස 23 න් පහළ ක‍්‍රිකට් තරගාවලිය වර්ෂාව හේතුවෙන් දෙවැනි වරටත් සතියකින් කල්දැමීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කළේය. මෙම තරගාවලිය මේ මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ අතර වර්ෂාව හේතුවෙන් මෙම සති අන්තයට තරගාවලිය කල් දමන ලදි.
කෙසේ වෙතත් මෙම තරගාවලිය කල්දැමීම නිසා 23 න් පහළ තරගාවලිය සහ එස්. එල්. පී. එල්. තරගාවලිය එකිනෙක මත වැටීම හේතුවෙන් 23 න් පහළ පළමු කොටසේ අවසන් මහ තරගය එස්. එල්. පී. එල්. තරගාවලියෙන් පසුව පැවැත්වීමටත්, දෙවැනි කොටසේ අවසන් මහ තරගයට නියමිත දිනයට පැවැත්වීමට ද ක‍්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව තීරණය කර තිබේ.
(●●)