
ශ්‍රී ලංකාවේ කොවිඩ් අසාදිත 22 මරණය ලෙස අද වාර්තා වූ 27 හැවිරිදි තරුණයාගේ මරණය කොවිඩ් අසාදිත මරණයක් නොවන බවට වසංගත රෝග විද්‍යා අංශය කියයි.
කොවිඩ් මරණයක් ලෙස මෙය සැලකීමට නම් වැදගත් වන්නේ රෝගයේ දායකත්වයෙන් සිදුවන මරණයක් වීම බවත් මෙම මරණය එසේ සිදු නොවීමක් නිසා මෙය 22 වැනි මරණය ලෙස පිළිගත නොහැකි බව නිවේදනයක් නිකුත් කරමින් වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරයි.
එම නිවේදනය පහත දැක්වෙයි.


