විදුලි බිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වීමට යන වර්ජනයට නීතීඥ සහාය ලබා ගැනීමේ සාකච්ඡාවක් නීතීඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය හා අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සමග අද පැවැත්විණි.
සංගමය සමග සාකච්ඡා කර සහාය දිය හැකි ආකාරය ප්‍රකාශයක් කරන බව ජයසූරිය මහතා එහිදී පැවසූ බව සමරසිංහ මහතා කියයි.
වර්ජකයන්ට රජය අයුතු බලපෑම් කළහොත් නීතීඥ සහාය දීමට ද ජයසූරිය මහතා පොරොන්දු වූ බව ඔහු කියයි.