2030 දී මත්ස්‍ය අපනයනයෙන් ඩොලර් බිලියන 5 ක ආදායමක්


මත්ස්‍ය අපනයනය තුළින් ශ්‍රී ලංකාව 2020 වන විට ඇමරිකා  ඩොලර් බිලියන 1.3 ක ආදායමක් සහ 2030 දී ඇමරිකා  ඩොලර් බිලියන 05 ක ආදායමක් ඉලක්ක කරමින් ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධන කටයුතු අරඹා තිබෙන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

තායිලන්තයේ සංචාරයක නිරත වෙමින් එරට නියෝජිතයන් සමඟ ද්විපාර්ශවීක සබඳතා පවත්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කරුණු පවසා තිබේ. 

වර්තමානයේ දී ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ලෝකයේ සෑම රටක්ම අවධානය යොමුකර තිබෙන බව පැවසූ ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිසා අපනයනය කරනු ලබන මත්ස්‍ය සහ ජලජ නිෂ්පාදන පිළිබඳව ලොව පුරා රටවල් දැඩි සැළකිල්ලක් දක්වන බව ද එහිදි පවසා ඇත.

මෙම සංචාරයට ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම සහ කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක  යන මහත්වරුද එක්ව සිටිති.