2030 තිරසාර සංවර්ධනයට තේරීම් කාරක සභාවක්


(ඩයනා උදයංගනී)

තිරසර සංවර්ධනය, ආර්ථික සහ සමාජ සංවර්ධනය යන සියල්ල රඳා පවතින්නේ මානසික සංවර්ධනය මත බවත්, මනස සංවර්ධනය වෙනවානම් හා කෑදරකමින්, තණ්හාවෙන් ඈත් වෙනවානම්, තිරසර සංවර්ධනය කරා යාම දුෂ්කර කාර්යයක් නොවන බවත්, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ලබාදී ඇති 2030 තිරසර සංවර්ධන න්‍යාය පත‍්‍රය ඉටුකරගැනීම සඳහා දැනට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇති අතර ඊට අමතරව ඉදිරියේදී තිරසර සංවර්ධන සභාවක්ද ඇතිකිරීමට කටයුතු යොදා ඇතැයි අග‍්‍රාමාත්‍යවරයා සහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන න්‍යාය පත‍්‍රය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් දැනුම්වත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු කමිටු කාමර 01 හිදී අද (22) පැවති විශේෂ සැසිය සහා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන න්‍යාය පත‍්‍රය පිළිබපාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මගින් මෙම සැසිය සංවිධානය කර තිබිණි.