2020 ඔලිම්පික් සිහිනය සැබෑ කර ගැනීම සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සූදානම් කිරීම දැන් පටන්ම ආරම්භ කර ඇති බවත්, පාසැල් සිසුන් ලක්ෂ 43 න් 3,75,000 ක් පමණ සිසුන් මේ වසරේ පරීක්ෂාවට ලක් කර ඔවුන් අතරින් තෝරාගත් ක්‍රීඩක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත ක්‍රීඩක සංචිතයක් පිහිටුවන බවත් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කීවේය.
අකුරණ අස්හර් ජාතික පාසැලේ නව පැසිපන්දු ක්‍රීඩාංගණයට මුල්ගල් තබමින් ඇමැතිවරයා එසේ කීවේය.
දිවයිනේ සෑම ප්‍රදේශයකම පවතින ඒ ප්‍රදේශයට ආවේණික ක්‍රීඩාව නැංවීව සදහා ආධාර ලබා දෙන බවත්, සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් මේ වසර තුල ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

