2017 වසරේදී සල්මාන් එක්ක රඟපාන කෙල්ලෝ ටික


 2016-09-19-ent-12

එළැඹෙන 2017 වසරේදී බොලිවුඩයේ සුපිරි නළු සල්මාන් ඛාන් චිත්‍රපට 5ක රඟපෑමට කැමැත්ත පළ කර තිබෙන බව සඳහන් වෙනවා. ලැබෙන තොරතුරුවලට අනුව සල්මාන් ලබන වසරේ රංගනයෙන් දායක වන සියලු නිළියන් ඔහුගේ වයසට වඩා අඩක් බාල යොවුන් නිළියන් වීම විශේෂත්වයක්.

ඇමි ජැක්සන්, දීපිකා පදුකෝන්, ආලියා භාට්, පරිනිති චොප්රා, ක්‍රිති ෂැනොන් යන නිළියන් සල්මාන් ඛාන් සමගින් ලබන වසරේ චිත්‍රපට සඳහා එක්වීමට නියමිතව ඇති නිළියන්ය. එහෙත්, මේ අතරින් තවමත් ස්ථිර වී ඇත්තේ අර්බාස් ඛාන් නිර්මාණය කරන "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටය පමණි. එහි සල්මාන් ඇමි ජැක්සන් සමගින් රංගනයෙන් දායක වීමට නියමිතයි.

පසුගිය වසර අවසානයේ සිට සල්මාන් හා දීපිකා පදුකෝනි එක්වන චිත්‍රපටයක් පිළිබඳව ඉඟි පළ වු නමුදු තවමත් ඒ කුමක්ද යන්න තොරතුරු වාර්තා නොවේ.

 

2016-09-19-ent-13
2016-09-19-ent-14