2017 ජුසේ වාස් වසර ලෙස නම් කෙරේ


මෙම වසර ‘ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ’ වසර ලෙස නම් කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද (10) පස්වරුවේ ප්‍රකාශ කළහ.

“ඇදහිල්ල තිර කරන්න, වාස් මුනි අනුව යන්න” යන තේමාව යටතේ මේ වසරේදී කටයුතු සිදු කෙරෙන බව ද උන්වහන්සේ කීහ. 

කොළඹ රදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙම කරුණු ප්‍රකාශ කළහ. 

ශාන්ත ජුසේ වාස් මුනිඳුන්ගේ වසර නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ජනවාරි 14,15 සහ 16 යන දිනවලදී මෙරට සියලූම රදගුරු පදවිවල, ආසන දෙව් මැදුරුවල සහ සිද්ධස්ථානවලදී සිදු කෙරෙන බවද මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ  කීහ.