2015 පොදුරාජ්‍ය මන්ඩල රාජ්‍ය නායක සමුළුව පැවැත්වෙන රට නිල වශයෙන් අද සවස ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මුරිසි රාජ්‍යයට මේ සදහා කලින් අවස්ථාව හිමිව තිබුණ ද එරට රාජ්‍ය නායකයා ශ්‍රී ලංකාවේ පැවති නායක සමුළුවට නොපැමිණීම හේතුවෙන් එරටට සත්කාරකත්වය අහිමිවිය.
පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් කමලේෂ් ශර්මා පවසා ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලය පැවැත්වීමට නියමිත රාජ්‍යයේ රාජ්‍ය නායකයා මෙවර පොදු රාජ්‍ය මණ්ඩල සමුළුවට පැමිණ අනෙක් රාජ්‍ය නායකයන්ට තම රටේ පැවැත්වෙන සමුළුව සදහා ආරාධනා කළ යුතු බවයි. මුරිසි රාජ්‍යයට අහිමිවූ අවස්තාව මෝල්ටාව ට හිමිවීමට නියමිතව ඇත.