2014දි රනිල් බලයට එනවා


‘එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බුද්ධිමත් නායකයෙකි. ඔහුට කිසිම අභියෝගයක් නෑ. අභියෝග නොතකා ඒවා ජය ගනිමින් ඉදිරියටම යනවා. එජාප රජයක් හැදීම සඳහා කාලය, දීපය, දේශය දැන් ගැලපී හමාරයි. අවශ්‍ය අප සංවිධානය වීම පමණයි. ‘ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා කොට්ටාව දුම්රිය මාවතේ එජාප රැස්වීමකදී ප්‍රකාශ කළේය.

‘එක්සත් ජාතික පක්ෂයට බලය ලබා ගැනීම සඳහා පසුබිම රජයෙන්ම හදා දී තිබෙනවා. මේ රජයට බුද්ධිමතුන් ‘ඇලජික්‘. දක්ෂයනුත් ‘ඇලජික්‘. 2014දී රනිල්ගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීම කාටවත් නවත්වන්න බෑ.‘