ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ මෙම වසරේ (2-013) ඇස්තමේන්තුගත අයවැයට අනුව රුපියල් මිලියන 600 ක (රුපියල් කෝටි 60) පමණ පාඩුවක් පවතින බව ඉතාමත් විශ්වාසකටයුතු මාර්ගයකින් දැනගන්නට තිබේ.
වසර කීපයක සිටම දැඩිසේ පාඩු ලබන ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයට මෑතකදී පත්වූ විධායක කමිටුවේ ප‍්‍රධාන උත්සාහය වන්නේ පිරිවැය කපා දැමීම් වැනි උපක‍්‍රම වලින් මෙම පාඩුව අවම කර ගැනීමයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ කොන්ත‍්‍රාත් පදනම මත රැඳී සිටින සේවකයන් ඉවත් කිරීම පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ පසුගිය 9 වැනිදා පැවැති අවසන් විධායක කමිටු රැස්වීමේදී දැඩි අවධානය යොමු වී තිබූ අතර ඉදිරියේදී මුහුණදීමට සිදුවන දැවැන්ත පාඩුව පිළිබඳව හෙට (14) පැවැත්වීමට නියමිත විධායක කමිටු රැස්වීමේදීත් සාකාච්ඡුා කිරීමට නියමිත බව වාර්තා වේ.