උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍ය අධිකාරි සිංහරත්න බණ්ඩාර මහතාට 2012 - 09 -22 දින එම ප්‍රධාන කාර්යාලයයේ දී අසුචි ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරි ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිස් බුද්ධි අංශය කියයි. මුදල් අක්‍රමිකතාවක් හේතුවෙන් සැකකරුගේ සේවය දැනට අත්හිටුවා ඇත.

