
(නිමල කොඩිතුවක්කු)
20 වන සංශෝධනයට එරෙහිව ලබන ඔක්තොම්බර් පස්වෙනිදා විරෝධතා දිනයක් ලෙස නම් කිරීමට සමගි ජනබලවේගය පියවර ගෙන තිබේ.
එදින සෑම දිස්ත්‍රික්කයකම ඉලක්කකරගනිමින් කලු කොඩි ඔසවමින් කලු පටි බැදගෙන විරෝධතා ව්‍යාපාර ක්‍රියාත්මක කරන බවද සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබන්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.
මෙයට සමගාමීව පත්‍රිකා බෙදමින් ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් මහලේකම්වරයා සඳහන් කළේය.
විස්සට එරෙහිව ලංකාවේ සෑම ආසනයකම ජනතාව ලබන 8 වැනිදා කොළඹට ගෙනවිත් හයිඩ්පාක් පිටියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කරන බවද ඔහු කියා සිටියේය.
ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සංවිධාන, සිවිල් සංවිධාන එකතුකරගෙන එම විරෝධතාවය ක්‍රියාවට නංවන බවද මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

