20 ගැන හොයන්න ඇමැති අනුකමිටුවක්


20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කැබිනට් මණ්ඩලය නියෝජනය නොකර පක්ෂවල සහ සියලු පාර්ශ්වවල අදහස් ගෙන ලබන 20 වැනි දා වාර්තාවක් ඉදිරිපත් කිරීමට නව පුද්ගල ඇමැති අනු කමිටුවක් පත් කළ බව කැබිනට් ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා අද (14) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.

සරත් අමුනුගම, එස් බී දිසානායක, ලක්ෂ්මන් කිරිඇල්ල, රාහුෆ් හකීම්, කබීර් හෂීම්, පාඨලී චම්පික රණවක, ගයන්ත කරුණාතිලක, රිෂාඩ් බදුර්දීන් සහ පලනි දිගම්බරන් එම අනු කමිටුවේ සාමාජිකයෝ ය.

එම වාර්තාව සලකා බැලීමෙන් පසු මීළඟ මැතිවරණය පවත්වන්නේ අලුත් ක්‍රමයට ද, එසේත් නැතහොත් පවතින ක්‍රමයට ද යන්න තීරණය කරන බව ද ඇමැති සේනාරත්න පැවසීය.