19ට ජනමත විචාරණයක් ඕනෑ නෑ


19 වැනි  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා  සංශෝධනය  මගින්   ජනතා   පරමාධිපත්‍යයත්  ප්‍රජාතන්ත්‍රවාදයත්  වඩාත්  හොදින්  තහවුරු   වන  බැවින්  මෙම පනත් කෙටුම්පත  ජනමත  විචාරණයට    යොමු  කිරිම  අවශ්‍යතාවයක්  නැතැයි   නිතිපති   ජනාධිපති   නිතිඥ යුවන්ජන්  විජේතිලක  මහතා   මේ  පනත්   කෙටුම්පත්   පිළිබඳ පෙත්සම්  විභාගයේදි   ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ   පැවසිය.

අගවිනිසුරු කේ.ශ්‍රී.පවන්  ඇතුළු  ත්‍රිපුද්ගල   විනිසුරු  මඩුල්ලක්  ඉදිරියේ   මෙම පෙත්සම් අද (06) කැදවුණි.  එහිදි   අගවිනිසුරුවරයා  නීතිපතිගෙන්  ප්‍රශ්න කළේය. සංශෝධන  පනත්  කෙටුම්පත්  සඳහන් වන  අමාත්‍ය  මණ්ඩල ප්‍රධානියා  ලෙස  අගමැතිවරයා නම්  කිරිමෙන්  ජනාධිපති විධායක බලතල කප්පාදුවිමත්   සිදු   නොවේ   ද යන්නයි.  ජනතාව  විසින්   ජනාධිපතිට  ලබාදි   ඇති   විධායක බලය  තවත්  පුද්ගලයෙකුට  පරිහරණය  කල හැකි  දැයි   ප්‍රශ්න  කළ අගවිනිසුරුවරයා  ඊට  අවධානය   යොමු    කරන  ලෙස  නිතිපතිට   දැනුම්   දුන්නේය.

එහිදි   නිතිපතිවරයා   ගෙන්වා  දුන්නේ  අදාළ  වගන්තියෙන්   ජනාධිපතිවරයාගේ  බලතල  කප්පාදු   විමක්   සිදු  නොවන   බවයි . රජය   විසින්    පාර්ලිමේන්තුවට   ඉදිරිපත්   කළ  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධන පනත්   කෙටුම්පත්   ඒ   පිළිබඳව  පැහැදිලිව  දක්වා  ඇති   බවද  නිතිපති   තර්ක  කළේය.