ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කැර ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීන් සියලු දෙනාටම බලපෑම් කරන්නැයි මහජනයාගෙන් ඉල්ලන උද්ඝෝෂණයක් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දැන් පවත්වයි.
‘ජන මතයට හිස නමනු‘19 වැනි සංශෝධනය සම්මත කරනු ‘ යන තේමාව යටතේ මෙම විරෝධතාව සංවිධාන කර තිබිණි.
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ ජනතාව පසුගිය ජනාධිපතිවරණයේදී ප්‍රතික්ෂේප කළ නායකයකු වන මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධන සම්මත කැර ගැනීමට ඉඩ නොදෙන බවයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරනතුරු ජනතාව සමඟ එක්ව මෙසේ විරෝධතාවේ නිරත වන බව ද ඔහු කීවේය
වීඩියෝ හා ඡායාරූප ශාන්ත රත්නායක








