19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳව පක්ෂ හා විපක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම් පිළිබඳ විභාගය අද (6) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය පාර්ලිමේන්තු කථානායකවරයාට හා ජනාධිපතිවරයා වෙත ලබාදෙන බවට දැනුම් දුන්නේය.
19 වැනි සංශෝධනය පිළිබඳ පෙත්සම් 19 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුවී තිබූ අතර ඉකුත් අප්‍රේල් 1,2 සහ 6 (අද) තෙදිනක් පුරා මෙම පෙත්සම් විභාගය අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාත් ඩෙප් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.
පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙම 19 වැනි සංශෝධනය නීතියට පටහැනි බවත් එබැවින් එම සංශෝධනය පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් සම්මතවීම පමණක් නොව ජනමත විචාරයකින්ද සම්මත කළ යුතු බවට නියෝග කරන්නැයි ඉල්ලා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා ඇතුළු 15 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් ගොනු කළහ.
ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු තවත් පෙත්සම් 5ක් අදාළ කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණක් අවශ්‍ය නොවන බව කියා සිටියේය.

