19 වැනි සංශෝධනයට හෙළ උරුමය විරුද්ධයි


ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ගැසට් කර ඇත්තේ පක්ෂ නායක අදහස් සැලකිල්ලට නොගැනීමෙන් බවත් ජාතික හෙළ උරුමය ඊට එරෙහිවන බවත් ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ඇමැති චම්පික රණවක කියයි.

ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට හා ආරක්ෂාවට අහිතකර හා තර්ජනයක් වනසේ ව්‍යවස්ථා සංශෝධනයකට ඉඩ නොදෙන බවද ඔහු අවධාරණය කරයි.

විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කරනවාට වඩා අත්තනෝමතික බලතල ඉවත් කළ යුතු බව තම අදහස බව ඔහු කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව මෛත්‍රිපාල සිරිසේන ජනපති කියා නැතැයිද ඔහු පැහැදිලිවම පැවසූයේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි දෙයක් වෙනස් නොකරන බව යැයිද රණවක මහතා කීවේය.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමම ප්‍රමාණවත් නොවේ යැයි කියන රණවක මහතා සඳහන් කරනුයේ මැතිවරණ ක්‍රමයද වෙනස් කළ යුතු බවයි. ජනපතිවරණයට පෙර දුන් පොරොන්දු ඉටු කරන ලෙසද මනාප ඡන්ද ක්‍රමය ඉවත් කරන ලෙසද ඔහු ජනපතිගෙන් ඉල්ලයි.