19 දියාරු වුණේ මහින්ද-මෛත්‍රී බල පොරය නිසාලු


‘මීළඟ ජනාධිපති, අගමැති වෙන්නේ කවුදැයි හිතා ව්‍යවස්ථා සංශෝධන හදන්න බැහැ. එජාප නායකයා ක්‍රියා කළේ මීළඟ අගමැති තමන් කියා හතලයි. ශ්‍රීලනිප මෛත්‍රී පිල හා මහින්ද පිල තම තමන්ගේ බලය තහවුරු කර ගන්න මෙම ව්‍යවස්ථා සංශෝධනය ප්‍රයෝජනයට ගත්තා. ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාවේ සමුළුවේ විධායක සභාවේ බල පොරයක් තිබෙනවා. එම නිසා 19 මීට වඩා යහපත් සංශෝධනයක් බවට පත් කර ගන්න බැරි වුණා.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

‘ මෛත්‍රීපාල හිතුවා තමන්ට තිබෙන විධායක බලයෙන් කොටසක් හරි ඉතිරි කරගෙන මහින්ද පිල පරද්දන්න පුළුවන් කියලා. නිමල්, සුසිල්, අනුර යාපා ඒ වෙනුවෙන් පෙනී සිටියා. මහින්ද පිළ හිතුවා මේ පාර්ලිමේන්තුවේ කිසිදු පනතක් සම්මත කිරීමට ඉඩ නොදී පාර්ලිමේන්තුව ආරාජිකයි කියා පෙන්වන්න. එනිසා ඔවුන් පාර්ලිමේන්තුවේ නොනිඳා හෝ නිදාගෙන උපවාස කළා. පාර්ලිමේන්තුව අස්ථාවර රට ස්ථාවර කරන්න මහින්ද ඕනෑ කියා මතයක් හදන්න උත්සාහ කළා. මේ බල පොරය නිසා 19 මීට වඩා යහපත් කරන්න තිබූ අවස්ථාව අහිමි වූණා.‘

‘රනිල්ගේ, මෛත්‍රීගේ, මහින්දගේ බල අරගලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට බාධා කළා. ‘