19 ට මන්ත්‍රී සහාය ඉල්ලා කලාකරුවෝ වීදි බසිති


19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන ලෙස ඉල්ලා සඳුදා රාජගිරිය ආයුර්වේද වටරවුමේ සිට පාර්ලිමේන්තුව අසලට ගමන් කරන බව පවසමින් අද (26) නිරෝෂා විරාජිනී, උපුල් ශාන්ත සන්නස්ගල, කසුන් කල්හාර, සෞම්‍ය ලියනගේ, සමනලී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලාකරුවෝ පිරිසක් කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වූහ.