19 ට එරෙහිව උසාවි යයි


19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා බස්නාහිර පළාත් අමාත්‍ය උදය ගම්මන්පිල‍ නීතිඥ ගෝමින් දයාසිරි සහ පුරවැසියකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

මෙම පනත් කෙටුම්පතෙහි දෙවැනි ඡේදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 වැනි වගන්තියේ සඳහන් මූලික අයිතිවාසිකම් වලට පටහැනිවේ. 70(1) යටතේ ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලය අවුරුදු එකේ සිට හතර හමාර දක්වා දීර්ඝ වී ඇත.