එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් කවුන්සිලයේදී සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමුඛත්වය දිය යුතු බව ශ්‍රී ලංකා රජය හා යුරෝපා සංගමය හඳුනාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
හිඳියාව හා වගවීම සම්බන්ධයෙන් දේශීය යාන්ත‍්‍රණයක් සැකැසීම දී පවතින සාකච්ඡා හා එම යෝජනාව පූර්ණ වශයෙන් කි‍්‍රයාත්මක කිරීමට ප‍්‍රමුඛත්වය දීමේ වැදගත්කම දෙපාර්ශ්වයම හඳුනාගෙන ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකා රජයේ නියෝජිත කණ්ඩායමක් හා යුරෝපා සංගමයේ ‘පාලනය, නීතියේ ආධිපත්‍යය හා මානව හිමිකම් සම්බන්ධයෙන් වූ කි‍්‍රයාකාරී කණ්ඩායම’ අතර පැවැත්වෙන සාකච්ඡා මාලාවේ පළමු රැස්වීම පසුගිය දා කොළඹදී පැවැත්විණි.
දහනව වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු ක්ෂේත‍්‍ර රැසකින් ශ්‍රී ලංකාව පසුගිය කාලයේදී අත්පත් කරගෙන ඇති ප‍්‍රගතිය සම්බන්ධයෙන් සතුටට පත්වන බව ද යුරෝපා සංගමය පවසා තිබේ.
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ප‍්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි ද යුරෝපා සංගමය පවසන බව විදේශ කටයුතු අමාත්‍යංශ්‍ය හා යුරෝපා සංගමය නිකුත් කළ ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.
අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස හා මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර, සිවිල් සමාජය ශක්තිමත් කිරීම, කාන්තාවන්ගේ හා දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම, සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සුරැකීම, කම්කරු අයිතිවාසිකම්, සංක‍්‍රමනය, ගිවිසුම් වගකීම් කි‍්‍රයාත්මක කිරීම සහ නීතියේ ආධිපත්‍ය සම්බන්ධයෙන් ද එහිදි සාකච්ඡා කර තිබේ.

