පාසල් අත්පන්දු සංගමය (හෑන්ඞ්බෝල්) සංවිධානය කරන අන්තර් පාසල් වයස 18 න් පහළ අත්පන්දු බාලක සහ බාලිකා තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම මේ මස 21 වැනිදා අවසන් වේ. තරග කාල සටහන සකස් කිරීමේ කුසපත් ඇදීම මේ මස 21 වැනිදා පෙරවරු 10.00 ට කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේදී පැවැත්වේ.
පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය මේ මස 27 වැනිදා සිට 29 වැනිදා දක්වා මීගොඩ මහ විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0773433870 යන දුරකථනයට ඇමතීමෙන් පාසල් අත්පන්දු සංගමයේ ලේකම් කපිල ප‍්‍රදීප් මහතාගෙන් ලබාගත හැකිය.