18 තරුණයා ළිඳට බිලි


(සුමිත් පොතුපිටිය)

යතුරුපැදිය සේදීමට ළිදට ගිය තරුණයකු අද(08) පස්වරුවේ ළිදේ වැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ මහියංගනය,  ප්‍රදේශයේ පදිංචිව සිටී එම්. කවීෂ කුමාර නමැති 18 හැවිරිදි තරුණයකු බව පොලිසිය කීය.

මියගොස් ඇති තරුණයා දින දෙකකට පමණ පෙර කළුතර උතුර , පනාපිටිය ප්‍රදේශයට පැමිණ ඇති අතර   ඔහු හෙට(09)වන දින රැකියාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීමට නියමිතව සිට ඇති බවද සඳහන් වේ.

මියගොස් ඇති තරුණයා පනාපිටිය කෙත්සිරි  මාවතේ ළිදකට යතුරු පැදිය සේදීමට ගොස් සිටියදී  බාල්දිය ළිඳට වැටී ඇති අතර ,  එය ළිදෙන් ගැනීමට යාමේදී  දියේ ගිලී මරුමුවට පත්ව ඇති බව කළුතර උතුර පොලිසිය ප්‍රකාශ කරයි.

සිරුර එම මොහොතේම ළිඳෙන් ගොඩට ගත්ත ද ඔහු ඒ වන විටත් මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කළුතර  උතුර පොලිසිය ඉදිරි විමර්ශන සිදුකරති.