174-235 බස් වර්ජනය අවසන්


(මහින්ද   නිශ්ශංක)                              

මාර්ග අංක 174 කොට්ටාව , බොරැල්ල හා 235 කොට්ටාව , ගල්කිස්ස පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

මගීන්ගේ ඉල්ලීම් අනුව පිලියන්දල සිට පිටකොටුව දක්වා සුඛෝපභෝගී බස් රථයක් ධාවනයට යෙදවීමට විරෝධය දක්වා ඉකුත් 19දා ආරම්භ කළ මෙම බස් වර්ජනය ඊයේ 22 ඔවුන් විසින්ම

අවසන් කර ධාවනයෙ යෙදුණු බව ද අධිකාරියේ උසස් නිලධාරියකු කීහ.

ටෙන්ඩර් ක්‍රමවේදය යටතේ මගීන්ගේ  පහසුව සඳහා ධාවනය ට යෙදවූ මෙම සුඛෝපභෝගී බස් රථය කිසිම හේතුවක්  මත ඉවත් නොකරන බව ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා ප්‍රකාශ කර තිබුණි.