17 න් පහළ ජාතික පිලට රිච්මන්ඞ් 2 යි, ආනන්ද 2 යි


එංගලන්තයේදී ලබන මස පැවැත්වෙන තරග සංචාරයට සහභාගි වන ශ්‍රී ලංකා වයස 17 න් පහළ ක‍්‍රිකට් පිලට කොළඹ ආනන්ද විදුහලේ සහ ගාල්ල රිච්මන්ඞ් විදුහලේ ක‍්‍රීඩකයන් දෙදෙනකු බැගින් ඇතුළත්ව සිටිති. මෙම සංචාරය අගෝස්තු මස 9 වැනිදා සිට 25 වැනිදා දක්වා පැවැත්වේ.
 ගාල්ල රිච්මන්ඞ් විදුහලේ චරිත් අසලංක සහ සිතාර ගිම්හාන් ද, කොළඹ ආනන්ද විදුහලේ නිසල් ෆ‍්‍රැන්සිස්කෝ, සහන් ආරච්චිගේ ද, මෙම සංචාරයට සහභාගි වීමට නියමිතය.

කොළඹ රාජකීය විදුහලේ චාමික කරුණාරත්න නායකයා ලෙස ද, පානදුර රාජකීය විදුහලේ මාධව නිමේෂ් උප නායකයා ලෙස ද, මෙහිදී කටයුතු කරති.

ශ්‍රී ලංකා වයස 17 න් පහළ කණ්ඩායම : චාමික කරුණාරත්න (නායක - කොළඹ රාජකීය විදුහල), මාධව නිමේෂ් (උප නායක - පානදුර රාජකීය විදුහල), චරිත් අසලංක, සිතාර ගිම්හාන් (ගාල්ල රිච්මන්ඞ් විදුහල), නිසල් ෆ‍්‍රැන්සිස්කෝ, සහන් ආරච්චිගේ (කොළඹ ආනන්ද විදුහල), ලසිත් ලක්‍ෂාන් (මාතර ශාන්ත තෝමස් විදුහල), අවිෂ්ක ප‍්‍රනාන්දු (මොරටුව ශා. සෙබස්තියන් විදුහල), කවීන් බණ්ඩාර (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල),  කේෂාන් විජේරත්න (කුරුණෑගල මලියදේව විදුහල), අසිත මධුසංඛ (කටුනේරිය ශා. සෙබස්තියන් විදුහල), ඞී. ඒ. පී. එල්. සමරවීර (කුරුණෑගල මලියදේව ආදර්ශ විදුහල), ආර්. සෙයාර් (මහනුවර ත‍්‍රිත්ව විදුහල), තිලාන් නිමේෂ් (මොරටුව වේල්ස් කුමර විදුහල) සහ රවිඳු තිලකරත්න (ගල්කිස්ස සා. තෝමස් විදුහල)

අතිරේක ක‍්‍රීඩකයෝ:
එස්. මුතාලිප් (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), තරිඳු හසන්ත (ගල්කිස්ස සා. තෝමස් විදුහල), ෂෙනාල් ද සිල්වා (මොරටුව වේල්ස් කුමර විදුහල), පී. දුවරක සෙයිලන් (යාපනය ශා. ජෝශප් විදුහල) සහ ලක්කන ජයසේකර (කොළඹ ආනන්ද විදුහල)