153 යාත්‍රාව ඕස්ට්‍රේලියාව කළඹයි


ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතට කිලෝමීටර 300ක් ඈතින් සොයා ගත් සරණාගත බෝට්ටුවේ සිටි ශ්‍රී ලාංකිකයන් බව කියන පිරිස ශ්‍රී ලංකාවට භාර දීම අද සිට පැය 72කින් කල් දමන ලෙස ඕස්ට්‍රේලියා මහාධිකරණය අද ඕස්ට්‍රේලියා රජයට නියෝග කළ බව එරට ආරංචි කියයි.

ඉන්දියාවේ සිට සරණාගතයන් ලෙස ඕස්ට්‍රේලියාවට යමින් සිටි මේ පිරිස ශ්‍රී ලාංකිකයන් බව කියති.

ඕස්ට්‍රේලියා රජය මේ ගැන නිල ප්‍රකාශයක් කර නැතත් සරණාගතයන් ශ්‍රී ලංකාවට නොයැවිය යුතු යැයි පවතින විරෝධය නිසා එක්කෝ ඔවුන් නාවුරු හෝ පැපුවා නිව්ගිනියට යැවීමට ඉඩ ඇතැයි එරට ආරංචි කියයි. මේ අතර ඕස්ට්‍රේලියා නිලධරයන් දුරකතන මගින් ඔවුන්ගෙන් ප්‍රශ්න පහන් විමසන බවත් දැන ගන්නට ඇත.