14න් පහළ පැසිපන්දු ශූරතාව ශා. අන්තෝනි විදුහලට


කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විදුහල විසින් තම 75 වැනි සංවත්සරය වෙනුවෙන සංවිධානය කරන ලද 14න් පහළ පැසිපන්දු තරගාවලියේ අවසන් මහ තරගයේදී ගේට්වේ විද්‍යාලය පරදා 29-19ක් ලෙස ජයගත් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල තරගාවලියේ ශූරතාව දිනාගත්තේය. මෙම තරගාවලිය කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයීය කී‍්‍රඩාංගනයේදී පැවැත්විණි.

තරගාවලියේ පළමු අර්ධය නිමා වන විට ශාන්ත අන්තෝනි බාලිකා පිල ලකුණු 12-11 ක් වශයෙන් ඉදිරියෙන් සිටියේය.

කැපී පෙනෙන දස්කම් පෙන්නුම් කළ අන්තෝනි විදුහලේ තීක්‍ෂණා ගුණසිංහ මුඵ ලකුණු 29න් ලකුණු 25ක්ම ලබා ගත්තාය. ගේට්වේ විද්‍යාලය සදහා වැඩිම ලකුණු ප‍්‍රමාණය ශෙවෝන් ජයවීර (8) රැස් කළාය.

තරගාවලියේ වටිනාම කී‍්‍රඩිකාව ලෙස තීක්‍ෂණා ගුණසිංහ සම්මාන ලබාගත් අතර, වඩාත් ආක‍්‍රමශීලී කී‍්‍රඩිකාව ලෙස ශෙවොන් ජයවීරද සහ වඩාත් ආරක්‍ෂක කී‍්‍රඩිකාව ලෙස එම්. එස්. එම්. මකාරිම්ද  සම්මාන ලබා ගත්හ.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ත්‍යාග ප‍්‍රදානය කළේය.

*