(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නව අගමැතිවරයෙක් පත්කිරීම හේතුවෙන් ඇතිවූ අර්බුදය මෙම මස 14 වැනිදාට පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට හැකිවේයැයි බලාපොරාත්තු වන බවත්, එසේ නොවුවහොත් සටන ඉදිරියට ගෙන යන බවත් එක්සත් ජාතික පක්‍ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා රටේ එක් අගමැතිවරයෙක් සිටියදී තවත් අගමැතිවරයෙක් පත්කිරීම් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් මෙන්ම තමන් විසින්ම ගෙන ආ 19 වැනි සංශෝධනය අමතක කිරීමක් බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්‍ෂ මහතාට මේ වන තුරුත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතැයි කී දිසානායක මහතා 14 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම ගැටලුව විසඳාගෙන ඉදිරියට යාමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
එසේ නොහැකි වුවහොත් සටන ඉදිරියට ගෙන ගොස් නුදුරු අනාගතයේදීම ඇතිවී තිබෙන තත්ත්වය වෙනස් කරන බවද ඔහු පැවසීය.
නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය විසින් කොළඹ නව නගර ශාලාවේදී අද (9) පැවැත්වූ විද්වත් නීතිවේදීන්ගේ කතිකාව’ අමතමිනි.
පුරවැසි බලය සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරළ, අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.