14 වන මහලෙන් වැටී පුද්ගලයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පියදාස සමරවීර) 

බොරැල්ල ඩි  එස් සේනානායක මාවතේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක 14 වන මහලින් පහළට වැටීමෙන් පුද්ගලයකු මිය ගොස් ඇතැයි බොරැල්ල පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ පදවිය බෝගස්වැව අරුණගම අංක 63 ලිපිනයේ පදිංචිව සිටි හේරත් මුදියන්සේලාගේ නලින් සම්පත් ප්‍රේමරත්න නමැති 24 හැවිරිදි  පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයා තට්ටු  18 කින් යුත් ඉඳිකරමින් පවතින නිවසේ 14 වෙනි මහලේ පෙදෙරේරුවකු සඳහා අත් උදව් දෙමින් සිටියදී පය ලිස්සා පහළට වැටී මෙම අනතුර වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.