ලග්ගල ප්‍රදේශයේ අවුරුදු දාහතරක දැරියකට ඇගේ නිවසේදීම දරුවකු ලැබීමෙන් පසු එම දරුවා හා මව රෝහල්ගත කර ඇතැයි ලග්ගල පොලීසිය කියයි.
ඇය නවය වසර දක්වා පාසල් ගොස් ඇත.
නියමිත කාලයට පෙර බිහි කළ දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බැවින් දරුවා ප්‍රධාන රෝහලකට මාරු කර යවා ඇත.
දැරිය සමඟ ප්‍රේම සබඳතාව ඇති කරගත් තරුණයාට (26) ආධාර අනුබල දිම සම්බන්ධයෙන් දැරියගේ මව,පියා සහ මිත්තනියද අත්අඩංගුවට ගත් බව ලග්ගල පොලීසිය සඳහන් කරයි.
ඔවුන් සෙනසුරාදා (07) නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

