පළාත් සභා දෙකක් හෝ කිහිපයක් එකතුවීමට අවකාශ නොතිබිය යුතු බවටත් 13 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පළාත් සභා ලැයිස්තුවේ යම් යම් විෂයයන්ට අදාල තීන්දු ගැනීමේදී සියලූ පළාත් සභාවල එකගත්වය ගැනීම වෙනුවට බහුතර පළාත් සභාවල කැමැත්ත මත එම තීන්දු ක‍්‍රියාත්මක කිරිම ප‍්‍රමාණවත් බවටත් සදහන්වු හදිසි යෝජනා දෙකක් සබරගමු පළාත් සභා මාසික රැස්වීමේදී වැඩි ඡන්ද 17කින් අද (25) සම්මත විය.
එහෙත් දකුණු පළාත් සභා රැස්වීමේදී එම යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු හත් දෙනෙක් එම යෝජනාවට එරෙහිව විපක්ෂ සමග ඡන්දය දුන්හ.
එම යෝජානාව එක් ඡන්දයකින් සම්මත විය.
බද්දේගම සමිත හිමියෝද කෘෂිකර්ම ඇමැති විජය එස් වීරසිංහ, ගා දෙනෙත්ති, වීරසුමන වීරසිංහ, ඒ.ජී.සී පියසිරි, ආනන්ද පද්මසිරි කාරියවසම්, අජිත් ප්‍රසන්න යන මහත්වරු යෝජනාවට එරෙහිව ඡන්දය දුන්හ.
සරත් යාපා අබේවර්ධන මහතා ඡන්දය දුන්නේ නැත. ඇමැති යු.ඒ.ඩී ආරියතිලක මහතා පැවසුයේ හෘද සාක්කියට විරුද්ධව වුවද පක්ෂයේ තීන්දුවට ඡන්දය දුන් බවයි.