රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයයේ සේවය සදහා ශ්‍රී ලංකා නිලධරයන් විදේශ අමාත්‍යංශය හා අත්සන් කරන රැකියා ඔප්පුව අනුව වසර අවසානයේ 13 වැනි වැටුපක් ලබා දෙන බවට සදහන් වුවත් එම වෑටුප ඔවුන්ට නොලැබෙතියි ඔවුහු පවසති. තානාපති කාර්යාලයයේ සෙවය කරන ඉතාලි ජතිකයින්ට එම වැටුප ලැබෙතියි ද ඔවුහු කියති. තානාපති කාර්යාලයයේ සෙවය කළ සේවකයෙක් දැනටම ඉතාලි නීතියේ පිළිසරණ පතා තිබේ. එම නඩු විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.
විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා පැවසුවේ ඒ පිළිබදව සොයා බැලිය යුතු බවයි.
රැකියා ගිවිසුමේ 13 වැනි වැටුපක් දෙන බවට සදහන් කොට ඇත්නම් සේවකයන් ඒ පිළිබදව ඉල්ලීම් කළ යුතු යැයිද ඔහු පවසයි.