දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අනිකුත් දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම ආරම්භ කළ බව දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කරයි.
එහි පළමු පියවර ලෙස දෙහිවලදී ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා වටයක් පැවැත්වූ බව සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා කියයි.
උතුරේ මැතිවරණය පිළිබව ද මෙහිදී සාකච්ඡා කළ බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසීය.
මාවෙයි සේනාධිරාජා, සෙල්වම් අඹෙයිකලනාදන් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා මේ සාකච්ඡාවලට එක් වූහ.