13 ගැන දකුණට කරුණු කියන්න ලෑස්තියි


දහතුන් වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් දකුණේ  ඕනෑම දේශපාලන පක්ෂයක් සමග සාකච්ඡා  කිරීමට තම පක්ෂය සූදානම් යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ”ලංකාදීප”යට ප‍්‍රකාශ කළේය.
උතුරු පළාත් සභා මැතිවරණය සඳහා මේ වනතෙක් තම පක්ෂය අපේක්ෂකයකු නම්කර නැති බවද සුමන්තිරන් මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.