'හිටපු ඩීඅයිජීට සැලකු හැටි හරි නෑ'


ජාතික ආරක්ෂාව හා ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් කැප වු නිලධාරියකු වු විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි, නියෝජ්‍ය පොලිස්පති කේ.එල්.එම්.සරත්චන්ද්‍ර සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියා කළ ආකාරය අනුමත කළ නොහැකි, නොහොබිනා කටයුත්තක් යැයි ජාතික හෙළ උරුමය නිවේදනයකින් කියයි.

යුද ජයග්‍රහණයට මුවා වී දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින්,කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය සොරකම් කළ දුෂිත දේශපාලනඥයන් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලුම් ගසද්දී මේ නිලධාරියා සම්බන්ධයෙන් පොලිසිය අනුගමනය කළ ක්‍රියා පටිපාටිය රටේ මැදහත් ජනතාව අනුමත නොකරන බව ද නිවේදනයේ දැක්වේ.

ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ලේකම් නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙසේ කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකායට අයත් ජිප් රථයක් විශ්‍රාම ගැනීමෙන් පසු භාවිතයට ගැනීමෙන් රුපියල් 140,000 කට ආසන්න මුදලක් අවභාවිතා කළැයි සරත්චන්ද්‍ර මහතා විශේෂ කාර්ය බළකායේ හිටපු සුවිශේෂි දක්ෂ නිලධාරියෙකි. ඔහු ජාතික ආරක්ෂාව හා ප්‍රභූ ආරක්ෂාව  සම්බන්ධයෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ අයකි.

යුද ජයග්‍රහණය මුවා වී ජාති ප්‍රේමීන් දේශප්‍රේමීන් ලෙස පෙනී සිටිමින් කෝටි ප්‍රකෝටි ගණන් ජාතික ධනය හොරකම් කළ හා කොල්ලෑ දුෂිත දේශපාලඥයින් නිදැල්ලේ සිටිමින් මාධ්‍ය ඉදිරියේ බඩපිලුම් ගසද්දී මෙවැනි සුළු සිද්ධියකට එම නිලධාරියාට එරෙහිව පොලිසිය ක්‍රියා කිරිම මැදහත් ජනතාව අනුමත කරන්නේ නැත.

දුෂණ සම්බන්ධයෙන් නිතිය ක්‍රියාත්මක කරන ආකාරය පුදුමය දනවයි. ඔහු නීතිය මකුළු දැළකට සමාන කර  ඇත. මැස්සන් එහි පැටලේ. උකුස්සන්ට පියාඹා යන්නට බාධාවක් නැත.