'සිසුහු 34000ක් මිතුරෝ'


ගිය වසරේ  දිණුම් ඇදීමට නියමිතව තිබූ ලොතරැයියක රුපියල් විස්සේ ටිකට් කැකිරාවේ පාසල් 126ක සිසුන් 34000ක විකුණතියි මව්පියෝ චෝදනා කරති.

2012.12.31 දින අවසන් වීමට නියමිත මේ ලොතරැයි ටිකට්වල සඳහන් වනුයේ මිතුරන් අතරරේ පමණක් ටිකට් අලෙවි කළ යුතු  බවයි.

34000ක් සිසුන් මිතුරන් වූයේ කෙසේදැයි මවුපියෝ ප්‍රශ්න කරති.

කැකිරාව කලාප අධ්‍යාපන කාර්යාල සුබසාධක සංගමයට ආධාර පිණිස මේ ලොතරැයිය පවත්වන බව ද, සිසුනට ටිකට් අළෙවි නොකරන ලෙස උපදෙස් දුන් බව ද, ලොතරැයි ඇදීමේ දිනය කල් තබා ඇති බව ද කලාප අධ්‍යක්ෂ උපාලි ජයලත් මහතා කියයි.