මේ වනවිට ලංකාවේ කොයි කවුරුත් ආදරය දිනා ගත් ටීවි දෙරණ නාලිකාවේ විකාශනය වන 'සිඳු' ටෙලිනාට්‍යට 100 සපිරිලා තිබෙනවා. මේ ටෙලි නාට්‍ය සඳහා බොහෝ විවේචනය ගුණ සහ ප්‍රතිචාර මත විකාශය වෙමින් 100 සපුරා තිබෙනවා. මෙම ටෙලිනාට්‍යයේ රචකයා වන සමන් එදිරිමුණි විසින් 'සිඳු'ට 100 සැපරීම නිමිත්තෙන් තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් යොදා තිබෙනවා.
මෙහි දැක්වෙන්නේ එම සටහනේ කොටසක්...
සිඳු 100 යි.
ඇද්දද...? විකුණුවද....? හාද..?
ජනප්රි2ය ගණයේ ලා සැලකිය හැකි අනුපිළිවෙලට ටෙලිවිෂන් නාලිකා ටික පෙළ ගැස්සුවොත් උඩින්ම තියෙන නාලිකා 10 ක් ගමු. ඒවායේ දිනපතා විකාශනය වන ටෙලිනාට්‍යට ගණන 30 ක් පමණ වෙනවා. ඒ ටෙලි නාට්යු 30 අතරින් මේ වෙද්දි විචාරයට ලක් වෙමින් තියෙන, විවේචනයට ලක් වෙමින් තියෙන, විවිධ ගැරහුම් වලට ලක් වෙමින් තියෙන, සහ ලක්ෂ සංඛ්යාරත ජනතාවකගේ ආදරය ලබමින් තියෙන එකම ටෙලි නාට්යනය බවට සිඳු දැන් පත් වී හමාරයි ( පොර ටෝක් එකක් වගේ පෙනුනට පොර ටෝක් එකක් නෙමෙයි. ඒක සරල ඇත්තක් ). වටිනාම දේ සිඳු විචාරකයින් යැයි කියාගන්නා සහ විචාරකයන් වීමට කැමති පිරිසගේ අවධානයට ලක්ව තිබීමයි. මේ කරන්න යන්නේ ඔවුන්ගේ චෝදනා වලටත් ඔවුන්ටත් ඔවුන්ගේ අනුගාමික පිරිසටත් කෙටි පිළිතුරක් දෙන්න. හැබැයි මේ පිළිතුරෙන් ඒ මතවාද අකාමකා දමන්න හෝ ඔවුන් එය නතර කල යුතු යැයි කිසිසේත්ම අදහස් කරන්නේ නෑ. මේ හුදෙක් පිළිතුරු දීමක් පමණයි. ඒ විවේචන ඒ විචාර දිගටම තියෙන්න ඕන. හැම වෙලාවෙදිම ඒවට උත්තර දෙන්න අපිට කාලයක් නැති වුණාට අපි ගැන හොය හොයා ලියන්න ඔවුන්ට සෑහෙන්න කාලය තියෙන නිසා මේ වෙලාවෙදි ඔවුන්ව දිරිගන්වන්නත් මම කැමතියි. ඒවා අපිට ශක්තිමක් උත්ප්රේහරක. දැන් අපි චෝදනා පත්‍රිය සහ පිළිතුරු පත්රටය කියවමු.


