'සෑම දරුවෙක්ම පාසල් යන්න ඕනෑ' - අගමැති කියයි


පහ වසර  ශිෂ්‍යත්ව විභාගයෙන් හෝ සාමාන්‍ය  පෙළ විභාගයෙන් පසුව පාසල් කාලය අවසන් කිරිමට මින් ඉදිරියට  අවස්ථාව නොමැති බවත් සෑම පාසල් දරුවෙක්ම අනිවාර්යෙන්ම උසස් පෙළ දක්වා  අවුරුදු 13 ක් ඉගෙන ගත යුතු බවත් අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ මහතා කොටහේනේ දී අද (15) පැවසීය.

පාසල් කාලය තුළ අනාගතයේ තමන් කිරිමට බලාපොරොත්තු වන රැකියාවට  අදාල පුහුණුවක්  ලබාදිමට  අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කිරිමට  නියමිත බව වික්‍රමසිංහ මහතා කීවේය.

RDS_4657_76 RDS_4689_65 RDS_4775_8 RDS_4794_43