සිංහල සිනමාවේ කුමාරණතුංග අනන්‍යතාවය වර්තමානය වනවිටත් එකසේ රඳවා තබාගැනීමට සමත් වූ ප‍්‍රවීණ මෙන්ම ජනප‍්‍රිය චරිතයකි ජීවන් කුමාරතුංග.
සිනමාවේ පෙම් යුවළ අතර පේ‍්‍රක්ෂක හදවත් තුළ ලැගුම්ගත් ජීවන්-අනෝජා කිසිදා අමතක නොවන චරිත ද්විත්වයකි.
ඔහු සිනමාවේ පමණක් සීමා නොවූ දේශපාලනයේ මෙන්ම සමාජය උදෙසා කරන ලද මෙහෙවරවලට ද උරදී කටයුතු කළ පුද්ගලයෙකි.
ඒ කලාකරුවාණන් වෙනුවෙන් මෙවර ‘තරු පෙම් කළ තරු’ විශේෂාංගය වෙන්වේ.
පොඩිකාලේ ඔබ පෙම්බැන්ඳ නිළිය ගැන කියමුද?
මම පොඩි කාලෙදි ගොඩක් කැමැත්තෙන් හිටියෙ සන්ධ්‍යා කුමාරිට. එතකොට මම චිත‍්‍රපටි සමගින් ගොඩක් සමීප වෙලා හිටියෙ නෑ. නමුත් ඇය ගාමිණී ෆොන්සේකා සමග රඟපෑ චිත‍්‍රපට මගෙ මතකයෙ තියෙනවා.
ඇයට කැමති වෙන්න හේතුව?
ඇයගෙ රඟපෑමටත්, රූපය, අඟපසඟ ඒ හැමදේම එකතුවෙලා තමයි කැමැත්තක් ඇතිවෙන්නෙ. විශේෂයෙන්ම කිව්වොත් ඇය ගාමිණී ෆොන්සේකා සමග කළ චිත‍්‍රපටවල තිබුණු ගීතවල ඒ ජවනිකා තුළ ඇය රඟපාන විදිය ඉතා ආකර්ෂණීයයි. ඒ රඟපෑම් මතකයෙ රඳා පවතිනවා.
සන්ධ්‍යා කුමාරි සමග ඔබ රඟපාලා තියෙනවද?
ඇය සමග මට රඟපාන්න අවස්ථාවක් ලැබිලා නෑ. නමුත් ඇයව මම සමීප ලෙස දැන හඳුනාගත්තා.
ඇය රඟපෑ චිත‍්‍රපටවලින් කැමතිම චිත‍්‍රපටය?
සන්ධ්‍යා කුමාරි, ගාමිණී ෆොන්සේකාගෙ සූරයන්ගෙත් සූරයා චිත‍්‍රපටයෙ රඟපෑවා. එහි ඇයගෙ රඟපෑමට මම ගොඩක් කැමතියි. ඒක විශේෂයි. නමුත් ඇය රඟපෑ හැම චිත‍්‍රපටයකටම කැමතියි.
ඇයගෙන් පසුව ඔබ සිනමාවෙ පෙම් කළේ කාටද?
ඇයගෙන් පසුව මම ගොඩක්ම කැමැත්තෙන් හිටියෙ මාලනී ෆොන්සේකාට තමයි.
ඇය සමග නම් ඔබ රඟපාලා තියෙනවනෙ?
ඔව් ඔව් ඇය සමග මම චිත‍්‍රපට දහයක දොළහක වගේ සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. මම ඇයගෙ පෙම්වතා විදියටත් රඟපෑවා. ඇත්තටම ඇයගෙ තියෙන සුහද බව සහ ඒ දැන හඳුනාගෙන තිබීමත් රංගනයට ලොකු පිටිවහලක් වුණා. මොකද රඟපෑමේදී ඇය බොහොම සුහදව වැඩ කළේ. ප‍්‍රවීණ, ජ්‍යෙෂ්ඨ නිළියක් කියලා කොයි වෙලාවකවත් දුරස් බවක් දැනුණෙ නෑ. අපිත් එක්ක සමීපව ඇසුරු කළා.
ඒ රඟපෑ චිත‍්‍රපට ටිකක් මතක් කරමුද?
මම ඇයගෙම චිත‍්‍රපටයක රඟපෑවා. ‘‘අහිංසා’’ චිත‍්‍රපටයෙ. ඒ වගේම හොඳ හොඳ සෙල්ලම්, නැව ගිලූනත් බෑන් චූන් සහ තව චිත‍්‍රපට කීපයක.
ඔබ දෙපළ එක්ව රඟපෑ චිත‍්‍රපට අතරින් වැඩිම ප‍්‍රතිචාර ලැබුණෙ?
ඇය සමග රඟපෑ හැම චිත‍්‍රපටයකටම හොඳ ප‍්‍රතිචාර ලැබුණා. ඒ බොහොම සාර්ථකව තිරගතවුණු චිත‍්‍රපටි.
ඇය රඟපෑ චිත‍්‍රපටි අතරින් කැමතිම චිත‍්‍රපටය ගැන කිව්වොත්?
මාලනී - ගාමිණි කියන යුගයට තමයි මගෙ මුලින්ම කැමැත්ත ඇති වෙන්නෙ. එතනින් පස්සෙ මගෙ බාප්පා විජය කුමාරතුංග එක්ක රඟපාන්න පටන්ගත්තට පස්සෙ ඒ රඟපෑම්වලටත් ගොඩක් කැමති වුණා. ඇය ගාමිණි ෆොන්සේකා සමග රඟපෑ චිත‍්‍රපට මාලාව තමයි ගොඩක්ම මගෙ සිත් ගත්තෙ?
මාලනී විජය කුමාරතුංග සමග රඟපෑ චිත‍්‍රපට අතරින් කැමතිම චිත‍්‍රපටය?
මම වැඩිපුරම කැමැත්තක් දැක්වුවෙ තුෂාරා චිත‍්‍රපටයට. ඒකෙ මේ දෙන්නම හරිම ආදරණීය විදියට රඟපානවා.
සිනමාවේ වැඩිපුරම ඔබේ ආදරවන්තිය වුණේ කවුද?
වැඩිම චිත‍්‍රපට සංඛ්‍යාවක මම රඟපාලා තියෙන්නෙ අනෝජා වීරසිංහ එක්ක. ඒ වගේම සබීතා, දිල්හානි, සංගීතා ඒ හැමෝම එක්ක පසුව රඟපෑවා.
අනෝජා සමග රඟපෑ චිත‍්‍රපට අතරින් වැඩිම ප‍්‍රතිචාර ලැබුණෙ?
යසපාලිතගෙ සිහින අහසේ වසන්තේ චිත‍්‍රපටයටත්, සුනිල්සෝම පීරිස්ගෙ හිත හොඳ චණ්ඩියා චිත‍්‍රපටයටත් ඉතා ඉහළ ප‍්‍රතිචාර ලැබුණා.
වැඩිපුරම කතාබහට ලක්වුණු ගීත ජවනිකාව?
ගොඩක්ම කතාබහට ලක්වුණු පේ‍්‍රම ගීතය නිල්ල මැදින් යං ආදර පාරෙ නිදැල්ලේ. අදටත් ඒ ගීතය ගොඩක් ජනප‍්‍රියයි. මමත් ඒ ගීතයට පෞද්ගලිකව ගොඩක්ම කැමතියි.
පේ‍්‍රක්ෂකයො කියපු විදියට ජීවන් කුමාරතුංගට රිදී තිරයෙ ගැළපුණුම පෙම්වතිය වුණේ කවුද?
එහෙම කියලා නෑ. හැමෝම එක්ක රඟපාන චිත‍්‍රපට පෙළත් එක්ක ප‍්‍රතිචාර ලැබුණෙ. එක නමක් විශේෂයෙන්ම කියන්න බෑ. ඒ ඒ කාලවලදි එන චිත‍්‍රපට අනුව ප‍්‍රතිචාර ලැබුණා.
ඔබත් සමග වැඩිපුරම රඟපෑවෙ අනෝජා, දිල්හානි, සබීතා සහ සංගීතානෙ. ඒ අතරින් වැඩිපුරම කැමති කාටද?
හතරදෙනාටම කැමතියි. විශේෂ කෙනෙක් නෑ. මොකද ඒ හැමෝම මාත් එක්ක ගොඩක් සහයෝගයෙන් රඟපෑවා. ඒ වගේම ගීතා කුමාරසිංහත් මගෙත් එක්ක චිත‍්‍රපට කීපයක රඟපාලා තියෙනවා.
වර්තමාන පරම්පරාවෙ කැමතිම නිළිය?
වර්තමාන පරපුරේ මම කැමතිම ශේෂාද්‍රි ප‍්‍රියසාද්ට
හේතුව?
නිළියක් විදියට ඇයගෙ පෙනුමට ගොඩක් කැමතියි. ඒ වගේම රඟපෑමත් හොඳයි. ඒ හැමදේ එක්කම ශේෂාද්‍රිගෙ කැපී පෙනීමක් තියෙනවා.
ඇය රඟපෑ චිත‍්‍රපට අතරින් කැමතිම?
ඇය එඩ‍්‍රස් නෑ චිත‍්‍රපටයෙ ඉතා හොඳින් රඟපානවා. ඒ රංගනයට මම ගොඩක් කැමතියි.
ඔබේ ආදරණීයම ගායිකාව?
මගෙ ආදරණීයම ගායිකාවො දෙන්නෙක් ඉන්නවා. ඒ ලතා වල්පොළ මහත්මිය සහ නන්දා මාලනී මහත්මිය ඒ දෙන්නට සුවිශේෂී හඬවල් තියෙන්නෙ.
ලතා වල්පොළ මහත්මියගෙ කැමතිම ගීතය?
ඇයගෙ හැම ගීතයකටම මම ගොඩක් කැමතියි. ඇයගෙ හැකියාව ඒ කටහඬ ඇත්තටම හරිම සුවිශේෂයි. ඒ ගීත අතරින් ගොඩක්ම අගය කරනවා ඇගේ දරු නැළවිලි ගීතය. ඒ වගේම නන්දා මාලනී මහත්මියගෙත් හැම ගීතයකටම ගොඩක් කැමතියි. ඇයගෙ තියෙන ගායන විලාසය හරි ආදරණීයයි.
එතකොට වර්තමාන පරම්පරාවෙ?
වර්තමාන පරම්පරාවෙ උමාරියා සිංහවංශ ගොඩක් හොඳයි. ඇයගේ ගායන හැකියාව විශිෂ්ට විදියට පිහිටලා තියෙනවා. ඒ ගීතත් හරිම ලස්සනයි. අහගෙන ඉන්න ආස හිතෙනවා. කනටත් හරිම මිහිරියි.
ධනු විජේරත්න

