ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව රටවල් 60ක ප්‍රදර්ශනය ආරම්භ කළ අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 20කට වඩා වැඩි ආදායමක් උපයා ගැනීමට තිරගත වූ පළමු දින තුන සමත්ව ඇත. එහෙත්, මෙම චිත්‍රපටය සමගින් තිරගත වු කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය ඉන්දීය රුපියල් කෝටි 30කට ආසන්න මුදලක් තිරගත වී දින දෙකක් තුළදී උපයා ගන්නට සමත් විය.
සිනමා විචාරකයන් පවසන්නේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය සඳහා වියදම් වු ඉන්දීය රුපියල් කෝටි 70ක මුදල තවත් නොදුරු දිනකදී උපයාගනු ඇති බවයි. එහෙත්, තවමත් අඩු ප්‍රේක්ෂක ප්‍රමාණයකගේ අවධානය යොමුව ඇති ‘ශිවායි’ චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 100ක මුදල ඉක්මවා යන්නට ‘ශිවායි’ චිත්‍රපටයට තවත් සති කිහිපයක කාලයක් යනු ඇතැයි විචාරකයන් වැඩිදුරටත් අදහස් පළකර ඇත.