‘‘මහින්ද මහත්තයා මොනවා වුනත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ.නමුත් අපිට ඉන්න බැරිවුනා‘‘ යැයි බස්නාහිර පළාත් මහා ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
අමාත්‍යංශයේ ප්‍රතිපාදන මත ඉදිකෙරුණු බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සති පොළක් විවෘත කරමින් ඔහු මෙසේද කීවේය.
‘‘ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අයට තේරෙන්න ටික වෙලාවක් යනවා.හෙට අනිද්දා පළාත් පාලන මැතිවරණය එනවා.ඔක්කොම අය කියනවා මහින්ද මහත්තයා එන්න අවේ නැතිනම් ඡන්දය වෙන්නේ නැහැ කියලා.සමහර කට්ටිය කියනවා මෛත්‍රී - මහින්ද එකතු කරන්න යනවා කියලා.ඔයාලා වගේම අපිත් ට්‍රයි කරනවා.නමුත් බැරි වුනොත් මොකද කරන්නේ? ‘‘
‘‘ පරාද වුනාට පස්සේ තමයි ගමේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ට තේරෙන්නේ.අපිට මොකද වුනේ කියලා.අවුරුදු හතර හමාරකට ආපහු ඡන්දය නැහැ.එතකොට තමයි තේරෙන්නේ අපි ඉල්ලන් කෑවා කියලා.‘‘
‘‘නායකයෝ එන්න පුළුවන් යන්න පුළුවන්.නායකයින් මත නෙවෙයි පක්ෂය තීරණය වෙන්නේ.‘‘
‘‘මහින්ද මහත්තයා මොකද කළේ? සැලුන් දොර ඇරලා සිරිකොත ඉන්න මන්ත්‍රීවරුන් ටික ඔක්කොම එළියට ගත්තා.ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් අයින් කළා.
ඔක්කොම හිතුවා එක්සත් ජාතික පක්ෂය ආයෝ ගොඩ එන එකක් නැහැ කියලා.අන්තිමට මොකද වුනේ? එක්සත් ජාතික පක්ෂය ආයි ගොඩ ගියා.1977 අපේ පක්ෂය බින්දුවට ගියා නමුත් 1993 – 1994 දී ගොඩ ආවා.‘‘
‘‘අද පාර්ලිමෙන්තුවේ ශ්‍රීලංකා නිදහස් පක්ෂය,එක්සත් ජාතික පක්ෂය එකතුවෙලා.බැලුවහම මේකේ වැඩි ප්‍රතිලාභ ලැබිලා තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට.
රටේ ජනපති,පාර්ලිමෙන්තුවේ වැදගත්ම අමාත්‍යංශ ලැබිලා තියෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට.‘‘
‘‘අපේ පක්ෂයේ නායකතුමාට සිරිකොතට යන්න පුලුවන්නම් අපිට මේ ගම්වල ඉන්න පළාත් සභා හා නාගරික මන්ත්‍රීවරුන්ට සිරිකොතට නොගියත් සමගියෙන් සහජීවනයෙන් වැඩ කරන්න පුලුවන් කම තියෙන්න ඕන.මේකට විරුද්ධ වෙන්නේ අපේ පක්ෂයේ අය.මට කියන්නෙත් යහපාලන ඇමැති කියලා.‘‘
‘‘මම දවසත් ජනපති තුමාගෙන් ඇහුවා සර් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ තියෙන අර්බුදයට මොකද කරන්නේ කියලා.එතකොට එතුමා කිව්වේ මම රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්ක දේශපාලන ගේම් ගහන්නේ නැහැ.මම ශ්‍රීලංකා නිදහස් පක්ෂය පාවා දෙන්නේ නැහැ.මම හොඳ එක්සත් ජාතික පක්ෂ විරෝධියෙක්.
නමුත් දෛවය වෙනස් වෙලා පොදු විපක්ෂයේ ජනපති වේච එක ඇත්ත.නමුත් මේ පළාත් පාලන මැතිවරණයට මම නායකත්වය දෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂයට.එහෙනම් කාගේවත් ප්‍රශ්නයක් ඇතිවෙන්න විදිහක් නැහැ.‘‘

